ලෝක බැංකුව තවත් රටක වර්ධන වේගය සම්බන්ධයෙන් පුරෝකථන පහත දමයි

ලෝක බැංකුව තවත් රටක වර්ධන වේගය සම්බන්ධයෙන් පුරෝකථන පහත දමයි

ලෝක බැංකුව විසින් චීනයේ වර්ධන වේගය සම්බන්ධයෙන් කළ පුරෝකථන පහත හෙළා තිබෙනවා.

ලෝක බැංකුව ජූනි මාසයේදී පුරෝකථනය කළේ චීන වර්ධන වේගය සියයට 4.3 ක අගයක පවතිනු ඇති බවයි.

එහෙත් ලෝක බැංකුව චීනයේ වර්ධන වේගය පුරෝකථනය කර එය සියයට 2.7 ක් දක්වා පහත හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලෝක බැංකුව විසින් ඉකුත් අඟහරුවාදා නිකුත් කළ වාර්තාවක් මගින් මේ බව අනාවරණ කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

චීනයේ වර්ධන වේගය පහත වැටීමට මූලික වශයෙන් බලපා ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය සහ එරට දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ කඩා වැටීම බව ද එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකුව සිය වාර්තාව මගින් පෙන්වා දෙනවා.

එම අගය ඉකුත් ඔක්තෝබර් මාසයේ දී චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය සියයට 18 ක ප්‍රතිශතයක පැවතුනා.

එමෙන්ම චීන ආර්ථිකයේ කඩා වැටීම එරට ශ්‍රම වෙළඳපලට දැඩි බලපෑම් එල්ල කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Share This