
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෘෂි ව්‍යාපෘතී ඇමති නිරීක්ෂණයට
ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ කරන ලද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන් පිළිබඳව සහ පවත්වාගෙන යා හැකි සහ අවසන් කළ යුතු තත්ත්වයේ ඇති ව්‍යාපෘතීන් පිළිබඳව විශේෂ ගවේශනයක් සිදු කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සහ විශේෂ කණ්ඩායමක් රාජාංගණය වවුනියාව ප්‍රදේශ පුරා දෙදිනක් මේ සඳහා සහභාගී වී තිබෙනවා.
මෙහිදී ඇඹුල් කෙසෙල් වගාව, අඹ වගාව, පේර වගාව, රටකජු වගාව, බඩ ඉරිඟු බීජ ව්‍යාපෘතිය, ජල සැපයුම් පිළිබඳව මෙන්ම දැනට පවත්වාගෙන යා හැකි සහ අසාර්ථක වූ වගාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ලෝක බැංකු ආධාරවලින් රටට යහපත් සහ ගුණාත්මක ව්‍යාපෘතීන් කවරේද යන්න විශේෂ අවධානයක් යොමු කිරීම මෙම නිරීක්ෂණයේ අරමුණ බව කෘෂිකර්ම, පශූ සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පැවසුවා.
අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ අවදානය යොමුව ඇත්තේ අවසන්ව ඇති සාර්ථක වූ ව්‍යාපෘති වෙනුවෙන් ගොවි සංගම් පිහිටුවා ඔවුන් සඳහාම එම ව්‍යාපෘතිය ලියාපදිංචි කොට පවත්වා ගෙන යා හැකි තත්ත්වයන් පිළිබඳවයි.
මෙම නිරීක්ෂණයේදී ගොවිජනතාව කුඩා ගොවි හමු සංවිධානය කොට තිබූ අතර ඔවුන්ට පවතින ගැටළු පිළිබඳව සහ යටිතල පහසුකම් ලබා දිය හැකි ආකාරය පිළිබඳව රජය කෙසේ මැදිහත් විය යුතුද යන්න සාකාච්ඡාවට බඳුන් කර තිබෙනවා.
අමාත්‍යාංශය පැවසුවේ නීතිමය තත්ත්වයන් නිරාකරණය කරදීම පිළිබඳව අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඇතුළු කණ්ඩායම මැදිහත් වී රටට විශාල ආයෝජනයක් ලබා ගත හැකි ආකාරය ගැන සහ විදේශ ආයෝජකයන් සම්බන්ධ කරගැනීම පිළිබඳව ද සාකච්ඡා වූ බවයි.