දස මස මා ඔබේ කුසේ දරා, මා හැදු මගේ අම්මා තුරුලේ හොවාලා මා ඇති දැඩි කළ මගේ ආදර අම්මා – ලෝක මව්වරුන්ගේ දිනය අදයි –

දස මස මා ඔබේ කුසේ දරා, මා හැදු මගේ අම්මා තුරුලේ හොවාලා මා ඇති දැඩි කළ මගේ ආදර අම්මා – ලෝක මව්වරුන්ගේ දිනය අදයි –

ලෝක මව්වරුන්ගේ දිනය අදට(12) යෙදී තිබෙනවා.

මවකගේ සෙනෙහස අන් කිසිවකට සමාන කරන්න බැහැ.

මන්ද ඒ සෙනෙහසින් ලැබෙන ශක්තිය, ධෛර්යය, දයාව සහ අම්මා සමග ඇති බැඳීම නිසා සෑම දරුවෙක්ම ශක්තිමත් සහ ආදරණීය දරුවෙක් වීමයි.

මව්වරුන්ගේ දිනය සෑම වසරකම මැයි මාසයේදී සමරනු ලබනවා.

මවක් යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන අතර ඇයව හදුන්වන්නේ පවුලේ හද ගැස්ම ලෙසයි.

ඒ නිසාම මාතෘත්වයේ මෙම සැමරීම සඳහා, මව්වරුන්ගේ දිනය අදට වෙන් කර ඇත්තේ ඇය වෙනුවෙන් ආදරය, අගය කිරීම සහ පිළිගැනීම පෙන්වීම සඳහායි.

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල මව්වරුන්ගේ දිනය සෑම වසරකම මැයි දෙවන ඉරිදා සමරනු ලබනවා.

ලෝකයේ ප්‍රථම මව්වරුන්ගේ දිනය සමරා ඇත්තේ 1908 දී එක්සත් ජනපදයේයි.

1905 දී ඇනා ජාවිස් නම් අමෙරිකානු කාන්තාවකට ඇයගේ මව මිය ගිය පසු, මව්වරුන් විසින් කරන ලද සේවය හා කැපකිරීම් සඳහා ගෞරව දැක්වීමට දිනක් වෙන් කිරීමට අවශ්‍ය වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇය 1908 මැයි මාසයේදී බටහිර වර්ජිනියාවේ ග්‍රැෆ්ටන්හිදී ප්‍රථම විධිමත් මව්වරුන්ගේ දින සැමරුම පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This