ලෝක යුද්ධ නිසා බඩු මිල වැඩි වෙයි – හවුති කැරලිකරුවන් ට එරෙහිව නාවික හමුදාවෙන් නෞකාවක් – ජනපති (VIDEO)

ලෝක යුද්ධ නිසා බඩු මිල වැඩි වෙයි – හවුති කැරලිකරුවන් ට එරෙහිව නාවික හමුදාවෙන් නෞකාවක් – ජනපති (VIDEO)

ලෝකයේ පවතින යුදමය වාතාවරණය හමුවේ තවදුරටත් භාණ්ඩවල මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

එසේම ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ හවුති කැරලිකරුවන් රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවලට මිසයිල ප්‍රහාර දියත් කරන බැවින් නෞකා රතු මුහුද හරහා ගමන් කිරීම නතර වී ඇති බවයි.

ඒ අනුව එම නෞකා දකුණු අප්‍රිකාව හරහා පැමිණීමට කටයුතු කළ හොත් ඒ හරහා ද බඩු මිල ඉහළ යන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එම නිසා හවුති කැරලිකරුවන්ට එරෙහිව ගෙන යන වැඩපිළිවෙලවල් සඳහා ශ්‍රී ලංකාව ද එකඟ වී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් රතු මුහුද ට යොමු කිරීමට එකඟ වී ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

 

 

 

 

 

 

Share This