වගකීම් විරහිත ක්‍රියා නතර කරන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලයි

වගකීම් විරහිත ක්‍රියා නතර කරන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලයි

චීනය ඇතුළු රටවල මිනිසුන් රහිත ගුවන් යානා පද්ධති සම්බන්ධයෙන් ඊනියා “ජාතිකාරක්ෂක” පරීක්ෂණයක් ආරම්භ කිරීමට අමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට චීන වාණිජ අමාත්‍යංශය දැඩි අසතුට සහ විරෝධය පළ කර තිබෙනවා.

සත්‍ය සාක්ෂි නොමැතිව ඇමරිකාව ගත් මෙම තීරණය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි චීන වාණිජ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මෙම පියවර ජාතිකාරක්ෂක සංකල්පය අශෝභන අයුරින් සාමාන්‍යකරණය කිරීමක් බවත්, එය සෙසු රටවල කර්මාන්ත පීඩාවට ලක් කිරීමට රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීමක් බවත් පවසමින් චීන වාණිජ අමාත්‍යංශය චෝදනා කර තිබෙනවා.

එමගින් ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්හී සුමට පැවැත්මට බාධා කෙරෙන අතර අමෙරිකාව ඇතුළු පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකාම් නොසලකා හැරෙන බවද අදාළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම චීනය මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර විෂයානුබද්ධ කරුණු කෙරෙහි ගරු කරමින් වැරදි ක්‍රියාවන් වහාම නතර කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලන බව ද චීන වාණිජ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This