වගා නොකරන ඉඩම් රජයට පවරා ගන්නා බවට කෘෂි ඇමති අනතුරු අගවයි

වගා නොකරන ඉඩම් රජයට පවරා ගන්නා බවට කෘෂි ඇමති අනතුරු අගවයි

රටේ ජාතික අවශ්‍යතාව මත වගා කළ හැකි එහෙත් වගා නොකරන ගොඩ මඩ ඕනෑම ඉඩමක් රජයට පවරාගැනීම සඳහා නීතිරීති පවතින බැවින් ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ ඉඩම් තුළ වගා කටයුතු ආරම්භ කරන ලෙසට කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉඩම් හිමියන්ට දැනුම් දෙනවා.

පාතදුම්බර උඩතලවින්න ග්‍රාමයේ ‘එකමිටට ගොවි බිමට’ වැඩසටහන ඊයේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
මේ අතර, බඩඉරිඟු මිල සහ බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

මුල්ගල් පැළවීමට ඉඩ නොතබා ඒ පිළිබදව සොයා බලා දැනුවත් කිරීමට කටයුතු කිරීම සෙසු අයගේ වගකීමක් බවත් කෘෂි කර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර, වී සඳහා අවම වශයෙන් රුපියල් 140 ක සහතික මිලක් අවශ්‍ය බව පැරකුම් ගොවි රජ පෙරමුණ අවධාරණය කරනවා.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසක යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති අතර, පසුගියදා රජය එම වී මිලදී ගැනීම සඳහා රජයේ ගබඩා විවෘත කිරීම ද සිදු කළා.

නමුත් කන්තලේ සූරිය පුර ප්‍රදේශයේ ගොවීන් මැසිවිලි නගන්නේ වී සඳහා රජයේ සහතික මිල ප්‍රමාණවත් නොවන බවට සහ රජයේ වී ගබඩා විවෘතව තිබෙන බව පැවසුවත් ඒවා තවමත් වසා දමා ඇති බවටයි.

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බලන් ඔය මඩවලලන්ද ප්‍රදේශයේ ද මේ වන විට වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර, එම ගොවීන්ද පවසන්නේ වී සඳහා රජය ලබාදී ඇති රු. 120ක සහතික මිල ප්‍රමාණවත් නොවන බවටයි.

 

Share This