වගා හානි ගැන නිවේදනයක්

වගා හානි ගැන නිවේදනයක්

පොලොන්නරුව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල වගා හානි තක්සේරු කිරීමේ කටයුතු අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එමෙන්ම අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාවන් අවසන් අදියරේ පවතින අතර ත්‍රිකුණාමලය , කිලිනොච්චි, යාපනය යන දිස්ත්‍රික්කවල හානි පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

නොවැම්බර් 29 වනදා වන විට ගංවතුරෙන් යට වූ වගා වපසරිය අක්කර 434,701ක් වූ බව සඳහන්.

එමෙන්ම දෙසැම්බර් මස 24 වනදා වන විට ගංවතුරෙන් හානි වූ බිම් ප්‍රමාණය අක්කර ලක්ෂයක් වන පරිදි අඩු වී තිබෙනවා.

හානි වාර්තා කර ඇති සියළු ගොවිබිම් පරීක්ෂා කිරීමට ලක් කෙරෙන අතර එමඟින් හානි වාර්තා කර ඇති ගොවිබිම් ප්‍රමාණය තවදුරටත් වෙනස් විය හැකි බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.

Share This