වත්තල හා හැදල ප්‍රදේශවල සිදුකල වැටලීම් 3 කට අදාල කල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් විනාශ කරයි

වත්තල හා හැදල ප්‍රදේශවල සිදුකල වැටලීම් 3 කට අදාල කල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් විනාශ කරයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් වත්තල හා හැදල ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන තුනකින් සොයාගත්ග කල් ඉකුත් වූ කරවල සහ රටඉඳි මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම්වලින් පසුව විනාශ කිරීමට කටයුතු කළා.

විනාශ කරන ලද භාණ්ඩ අතර කල් ඉකුත් වූ රටඉඳි මෙට්‍රික් ටොන් 3.6 ක්, කල් ඉකුත් වූ හාල්මැස්සන් මෙට්‍රික් ටොන් 1, කල් ඉකුත් වූ කරවල – කිලෝග්‍රෑම් 300 ක් විනාශ කළ ද්‍රව්‍ය අතරට අයත්.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ නඩු පවරා අදාල වෙළෙන්දුන්ට රු. 55,000 ක දඩ මුදලක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබෙනවා.

කල් ඉකුත් වූ හෝ භාවිතයට නුසුදුසු නිෂ්පාදන විකිණීම සඳහා වෙනත් භාණ්ඩ සමඟ ගබඩා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සියලුම වෙළෙන්දන් දැනුවත් කිරීම ද නිරන්තර සිදු කරනවා.

 

Share This