වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට කොරියාවේ සහාය

වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට කොරියාවේ සහාය

වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට පූර්ණ සහාය දැක්වීමට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළකර තිබෙනවා.

කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් අද (27) ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේ මෙම එකඟත්වය පළ කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා රජය ගෙනයන වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළකර තිබෙන බවයි වාර්තා වන්නේ.

තවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව අනුව ණය ආධාර ලබාදීම පිළිබඳව අවධානය යොමුකරන බවද එම ඒජන්සියේ නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

Share This