නව රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඩොනල්ඩ් ලුගේ සහය

නව රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඩොනල්ඩ් ලුගේ සහය

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා පවසනවා

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (07) පැවති හමුවේදී යි

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමෙරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා

එහිදී දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ ද අමෙරිකානු රජයේ ඇගයීමට ලක් කර තිබෙනවා

Share This