වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක්

වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක්

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වතුකරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා හෙට (29) දින සිට විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇති බව සඳහන්.

එහිදී දමිළ ජනතාව වැඩිවශයෙන් ජීවත්වන ප්‍රදේශයන් වන පස්සර, ලුණුගල, හාලිඇල, බදුල්ල, ඌව පරණගම, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල, මහියංගනය හා ඇල්ල යන ප්‍රදේශවල මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය මඟින් බාහිර සම්පත්දායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන බව සඳහන්.

මෙමඟින් විදේශ රැකියා, විගමණික ශ්‍රමික සුබසාධන කටයුතු හා වංචනිකයින්ට හසුනොවී නිවැරදි මාර්ගයෙන් විදේශ ගතවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

Share This