වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක
ජීවන වියදම ඉතාමත් අධික ලෙස ඉහළයාම හේතුවෙන් තමන්ට ජීවත්වීමට නොහැකි වී ඇති බව පවසමින් නුවරඑළිය, ආගරපතන, ටොරින්ටන් වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (29) විරෝධතාවයක නිරතවුණා.
ඔවුන් විරෝධතාවයේ නිරත වූයේ ටොරින්ටන් වත්තේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට ඩයගම- පෝඩයිස් මාර්ගය අසලයි.
තමන්ට දරා ගත නොහැකි ලෙස හාල්, පාන් පිටි, පාන්, ගෑස් ඇතුළු සියළුම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් දිනෙන් දිනම ඉහල යමින් පවතින බවත්, මේ හේතුවෙන් තමන්ට ජීවත්විය නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බවත් විරෝධතාවයේ නිරත වතු කම්කරුවන් පවසනවා..
දිනකට රුපියල් 1000 ක වැටුපක් වතු කම්කරුවන්ට ලබා දෙන බව පැවසුවද මෙ වනවිට තමන්ට දිනකට ලැබෙනුයේ රුපියල් 400 ක වැනි සොච්චම් මුදලක් බවත් එම මුදලින් ජීවත්වීමට තබා දිනකට එක වේලක් කෑමට පවා නොහැකි වී ඇති බවත් ඔවුන් සඳහන් කළා.