
වතු කම්කරු මූලික වැටුපට වතු හිමියන්ගේ එකඟතාවය
වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට රැස් වූ වතු සමාගම් 09ක් එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට, අදාළ වතු සමාගම් අමාත්‍යවරයාට එකඟතාව පළ කර තිබෙන බව සඳහන්.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසේ සිට වැඩි කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර මේ වසරේ මැයි 01දා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පළ කර තිබෙනවා.
එහෙත් එයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹී තිබූ අතර අධිකරණය විසින්ද මේ සම්බන්ධව එකඟතාවයකට එළඹී කටයුතු කරන ලෙසයි දැනුම්දී තිබෙන්නේ.
ඒ අනුව දෙපාර්ශ්වය අතර ඇති වූ එකඟතාවය මෙරට වතු කම්කරුවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පෙන්වා දී තිබෙනවා.