වන අලි ප්රහාරයකට ලක්ව මියගිය නාවික හමුදා නිලධාරී
වන අලි ප්රහාරයකට ලක්වී නාවික හමුදා නිලධාරියෙකු මියගොස් තිබෙනවා.
ඔහු පූනෑව නාවික හමුදා කඳවුරට අනියුක්තව රාජකාරි කළ නිලධාරියෙකු වන අතර ඊයේ (29) රාත්රියේ නාවික හමුදා කඳවුර අසලදී මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බව සඳහන්.
නිට්ටඹුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන එම නාවික හමුදා නිලධාරියා වවුනියාව මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් මියගොස් ඇති බවයි පූනෑව පොලීසිය පැවසුවේ.