
වන අලි ප්‍රහාරයෙන් තලාවේ තවත් ජීවිතයක් අහිමි වේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රදේශයේ ගොවි මහතෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වයස අවුරුදු 60 ක් පමණ වන මියගිය පුද්ගලයා කන්ද හාමිගේ දිසානායක නමැති අයෙක් බව අප වාර්තාකරු පැවසුවා.
ඔහු සමග සිටි තවත් අයකු දිවි ගලවාගෙන ඇත්තේ දිව යාමෙනුයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වසර තුල වන අලි ප්‍රහාරවලින් ජීවිත හතක් නැතිවී ඇති බවයි.
ගම්වාසීන් මේ සදහා වහා පිළියමක් අවශ්‍ය බව පවසනවා.
ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉහළ මොරගොඩ ගම්මානයේ ගොවි ජනතාව වන අලි ප්‍රහාර හේතුවෙන් නිරන්තර පීඩාවට ලක්වන පිරිසක්.
වන අලි හේතුවෙන් ගොවිතැන් විනාශ වීම නිසා ගම්වාසීන්ට සිය ජීවන මාර්ග පවා අහිමි වනවා.
විදුලි වැටක් ඉදිකර දෙන ලෙස ගම්වාසින් බලයට පත් වන ආණ්ඩුවලින් ඉල්ලා සිටිය ද එය ඉටු නොවන තත්ත්වයක් තුල ඔවුන්ම එක්ව විදුලි වැටක් ඉදිකර ගැනීමට කටයුතු කර තුබෙනවා.
දානපතියන්ගේ උදව් උපකාරයෙන් කිලෝමීටර් දෙකක පමණ දුරක් අලි වැටක් ඉදිකර ඇති අතර ඒ සදහා වැයවී ඇති මුදල ලක්ෂ හතරක්.