වන අලි මරණ ගැන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජන‍රාල් ඇහැරෙයි(VIDEO)

වන අලි මරණ ගැන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජන‍රාල් ඇහැරෙයි(VIDEO)

සීගිරිය, දිගම්පතන ප්‍රදේශයේ හා ගල්ගමුව ප්‍රදේශවල මියගොස් ඇති වල් අලි සිව් දෙනෙකු සම්බන්ධව

සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ, මුරුංගාහිටිකන්ද වන සංරක්ෂණ රක්ෂිතය ආශ්‍රිතව මීට වසරකට පමණ ආසන්න කාලසීමාවක් තුල මියගොස් ඇති වල් අලි තිදෙනෙකු හා ගල්ගමුව, ඇහැටුවැව දේශයේ ආසන්න දිනක මිය ගොස් ඇති ඇතකු සම්බන්ධව වාර්තා වන බව වන්ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සීගිරිය, දිගම්පතන ප්‍රදේශයේ මියගිය වල් අලීන් අතරින් එක් අලියකු පසුගිය පෙබරවාරි 03 වන දින වනජීවී නිළධාරීන් වෙත පළමුවරට වාර්තා වී ඇති බවයි.

ඒ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාතමේන්තුව විසින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ A/873/25 නඩුවක් ගොණුකර විර්මශන කටයුතු සිදුකරමින් පවතින බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

සෙසු වන අලින් දෙදෙනා ඉහත රක්ෂිතය තුළම මිය ගොස් ඇති බවට වා‍ර්තා වන අතර ඉන් එක් වන සත්වයකු ඇතකු බවට සදහන් වනවා.

එම ඇතාන්ගේ දළ යුගල කිසිවකු විසින් ගලවාගෙන ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළා.

මෙම අලින් දෙදෙනා වනජීවී නිළධාරීන් විසින් මේ මස 22 වන දින පළමුවරට නිරීක්ෂණය වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන්.

ඔහු පවසන්නේ මෙම අපරාධ ස්ථානයන්හි ආරක්ෂාව සදහා කලාපීය වනජීවී නිළධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.

ගල්ගමුව ප්‍රදේශයේ මියගිය වන අලියා සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාතමේන්තුව විසින් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාතා කිරීමට නියමිතව ඇති අතර මෙම වන අලින් මියගිය ස්ථාන GPS කණ්ඩාංක අනුව සීගිරිය , ගනේවල්පොල හා ගල්ගමුව පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව මාතලේ අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට අයත්වන බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජන‍රාල්වරයා පවසන්නේ මෙම වන අලින්ගේ මරණ සම්බන්ධව අවශ්‍ය ඉදිරි විර්මෂණ කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව පොලිස් දෙපාතමේන්තුවේ SOCO විර්මර්ශන කණ්ඩායම් සහය කඩිනමින් ලබාගැනීම පියවර ගන්නා බවයි.

Share This