වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩාවන්ගේ නිවුන් උපතක්

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩාවන්ගේ නිවුන් උපතක්

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩා සත්ත්වයින්ගේ නිවුන් උපතක් එංගලන්තයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති රතු පැන්ඩා ගහනයට ඉතා අලංකාර නිවුන් පැටවුන් උපත ලැබීම සතුටු වීමට කාරණයක් බවයි සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය පවසන්නේ.

එක්සත් රාජධානියේ විශාලතම සත්වෝද්‍යානය Whipsnade පැටවුන් සාදරයෙන් පිළිගත්තේ විශේෂයෙන්ම සුරැකීමට කැප වූ යුරෝපීය අභිජනන වැඩසටහනක කොටසක් ලෙසයි.

ලන්ඩනයේ සිට සැතපුම් 35ක් වයඹ දෙසින් පිහිටි එංගලන්තයේ Whipsnade සත්වෝද්‍යානයේ පසුගියදා රතු පැන්ඩා පැටවුන් උපත ලැබු බව ඊයේ(09) නිවේදනය කර තිබෙනවා.

මෙම සංරක්ෂණ සත්වෝද්‍යානය සතුන් 11,000 කට අධික සංඛ්‍යාවක් වාසය කරනවා.

සත්වෝද්‍යානයට අනුව පැටවුන්ගේ මව රූබි සහ පියා නිලෝ පළමු පැටවුන් වන බවත් පැටවුන් උපතේදී අවුන්ස 4කට ආසන්න බරකින් යුක්ත වුණා.

රූබි ගැබ්ගත පසු මවක් ලෙස ඇයගේ පළමු අත්දැකීම සුමට එකක් බවට පත් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කළ බවයි නිලධාරීන් පවසන්නේ.

රතු පැන්ඩා පැටවුන් තවමත් තම දෙමාපියන්ගේ රැකවරණය යටතේ සිටින අතර පිදුරු පිරවූ කූඩුවෙන් පිටව ගොස් නැහැ.

Whipsnade සත්වෝද්‍යානයට අනුව රතු පැන්ඩා පැටවුන් උපතින් පසු දින 30ක කාලයක් ගතවන තෙක් කිසිවක් නොපෙනෙන බැවින් ජීවිතයේ පළමු මාසය ඔවුන්ගේ මව සමග ජිවත් වීම අනිවාර්යය වන බවයි.

වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති රතු පැන්ඩාවන් සංරක්ෂණය කිරීමට කළ හැකි සියලු දේ කරන අතර රතු පැන්ඩා නිවුන් පැටවුන් උපත ලැබීම ඉතා විශ්මයජනක පුවතක් බවයි සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This