වර්ජිනියා උසස් පාසලේ  වෙඩි තැබීම් හතක්  – දෙදෙනෙක් මරුට

වර්ජිනියා උසස් පාසලේ වෙඩි තැබීම් හතක් – දෙදෙනෙක් මරුට

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් හි උසස් පාසලක උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර සිදු වූ වෙඩි තැබීම් හතකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඇට්‍රියා රඟහලෙන් පිටත සිදුවූ වෙඩි තැබීමෙන් උපාධි උත්සවය සඳහා පැමිණ සිටි සිසුන් ආරක්ෂාව සඳහා දිව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හියුගුනොට් උසස් පාසලේ උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

මෙම සිද්ධියෙන් පසු අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ තවත් උපාධි උත්සවයක් කල් දමා ඇති අතර බදාදා දින සියලුම පන්ති අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ උපාධි අපේක්ෂක පන්තියේ සිටි 18 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ 36 හැවිරිදි පියා බව පොලිසිය පවසනවා.

Share This