
වරාය ලාභයෙන් රුපියල් බිලියන 5ක් භාණ්ඩාගාරයට….!
ශ්‍රී ලංකා වරාය 2024 වසර දක්වා දශක ගණනාවක ඒකාබද්ධ අරමුදලට ලබාදී ඇති මුදල රුපියල් බිලියන 10.3 ක් වුවත් නව රජය බලයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ ගත වූ මාස 10 ක කාලය තුල රුපියල් බිලියන 39 ක බදු පසු ශුද්ධ ලාභයක් ලැබු බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය පවසන්නේ එය පෙර වසරට සාපේක්ෂව බදු පසු ශුද්ධ ලාභයේ රුපියල් බිලියන 12 ක පමණ වර්ධනයක් බවයි.
එබැවින් ඉන් රුපියල් බිලියන 5 ක් ඒකාබද්ධ අරමුදලට ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 2 ක් ඒකාබද්ධ අරමුදලට ලබා දී ඇති අතර තවත් බිලියන 3 ක් දෙසැම්බර් මාසයේදී ලබා දීමට නියමිත බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
