වව්නියාවේ භූ කම්පනයක් (VIDEO)
වව්නියාව ප්‍රදේශයේ රික්ටර් මාපක 2.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුවූ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කරන්නේ.
වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්.
මෙම භූ කම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූ කම්පන මධ්‍යස්ථානවල සටහන් වී තිබෙනවා.