වව්නියාව බන්ධනාගාරයට ආ තහනම් ද්‍රව්‍ය
වව්නියාව බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුළට විසිකර තිබූ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
එම පාර්සලය රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් වව්නියාව බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.
අදාළ පාර්සලය තුළ දුරකථන 03ක්, දුම්කොළ 17ක් සහ දුරකථන බැටරියක් තිබී ඇති බව සඳහන්.
එය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්රමික බලකාය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.