වව්නියාව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මත් පැන් සාදයකින් පසු මියයාම ගැන සැකයක්

වව්නියාව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මත් පැන් සාදයකින් පසු මියයාම ගැන සැකයක්

වව්නියාව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන පළමු වසරේ සිසුවෙකුගේ මළ සිරුර පසුගිය සෙනසුරාදා උදෑසන පොලීසිය සොයා ත්බෙනවා.

සිසුවාගේ ඥාතීන් පවසා ඇත්තේ මෙම මරණයට හේතුව මත්පැන් පානය විය හැකි බවටයි.

මියගිය පුද්ගලයා අනුරාධපුර, ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙකු බව වාර්තා වනවා.

සිකුරාදා සවස සිට මධ්‍යම රාත්‍රිය දක්වා විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ මත්පැන් සාදයක් පැවැත් වී ඇති අතර මෙම කාලය තුළ ශිෂ්‍යයාට බලහත්කාරයෙන් මත්පැන් ලබා දී ඇති බවට ඥාතීන් චෝදනා කරනවා.

මධ්‍යම රාත්‍රී 12 ට පමණ එහි සිටි සිසුන් ශිෂ්‍යයා වෙනත් ශිෂ්‍යයෙකුගේ නේවාසිකාගාරයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

සෙනසුරාදා උදෑසන සෙසු සිසුන් මියගිය සිසුවා පූවරසන්කුලම් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඔහු අවදි නොවීම හේතුවෙන්.

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බව පූවරසන්කුලම් පොලිසිය පවසනවා.

පොලිසිය සැක පළ කරන්නේ ශිෂ්‍යයා මිය යන විට ඔහුගේ ශරීරයේ සැලකිය යුතු ප්‍රමාණයක් මත්පැන් තිබූ බවටයි.

කෙසේ වෙතත්, සිසුවාගේ ඥාතීන් චෝදනා කර ඇත්තේ හදිසි මරණය මත්පැන් පානය නිසා සිදුවූවක් බවයි.

විමර්ශනය අතරතුර, මියගිය සිසුවාගේ සහෝදරිය පැවසුවේ 31 වන දින රාත්‍රියේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සාදයකදී ජ්‍යෙෂ්ඨ සිසුන් තම සහෝදරයාට බලහත්කාරයෙන් මත්පැන් ලබා දී ඇති බවටයි.

තම සහෝදරයාට වෙනත් වෛද්‍යමය තත්ත්වයන් නොමැති බවත්, විශ්ව විද්‍යාලයේ සිදුවන මත්පැන් පානය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කිහිප වතාවක්ම දැනුම් දී ඇති බවත් ඇය පැවසුවා.

කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳව වවුනියාව මූලික රෝහලෙන් ඒ පිළිඹඳ විමසීම් කළ විට, එහි වෛද්‍යවරයා මාධ්‍යයට තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Share This