වවුනියාව, වෙළිකුලම කෝවිලේ පූජාවට ගෙනා ගිනිකෙළි සහිත ලොරි රථයක් ගිනි ගනී (VIDEO)

වවුනියාව, වෙළිකුලම කෝවිලේ පූජාවට ගෙනා ගිනිකෙළි සහිත ලොරි රථයක් ගිනි ගනී (VIDEO)

වවුනියාව, වෙළිකුලම පිල්ලයාර් කෝවිලේ වාර්ෂික සප්පර පූජාව සඳහා රැගෙනවිත් තිබූ ගිනිකෙළි සහිත ලොරි රථයක් ඊයේ(05)රාත්‍රීයේ හදිසියේ ගිනිගැනීමට ලක් වුණා.

නගර සභා ගිනිනිවීම් එ‍්කකය හා ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවාදැමීමට කටයුතු කළ අතර ගින්නෙන් ලොරි රථය සම්පූර්ණයෙන් විනාශ වුණා.

පිල්ලයාර් කෝවිලේ වාර්ෂික සප්පර පූජාවේදී අවසන් උත්සවය සනිටුහන් කරමින් අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් පැවත්වෙන අතර එම උත්සවය සඳහා රැගෙන අ‍ා ගිනිකෙළි මෙලෙස ගිනිගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අ‍ැති අ‍තර ලොරිරථයේ වූ කාර්මික දෝශයක් ගිනිගැනීමට හේතුවන්නට අ‍ැති බව විමර්ශන සිදුකරන වවුනියාව පොලිසිය සැකපලකරනවා.

Share This