වසරකට මිලියනයකට අධික පුද්ගලයින් අනතුරු නිසා රෝහල්වලට

වසරකට මිලියනයකට අධික පුද්ගලයින් අනතුරු නිසා රෝහල්වලට

ශ‍්‍රී ලංකාව තුළ සිදුවන රෝහල් ගතවීම් අතුරින් හදිසි අනතුරු ප්‍රධාන සාධකයක් බවට සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ආබාධිත තත්වයන් සහ මරණ සඳහා ද හදිසි අනතුරු විශාල ලෙස හේතු කාරක වන බවයි.

වසරකට මිලියන ගණනක් අනතුරුවලට ගොදුරු වන අතර, මිලියනයකට අධික පුද්ගලයින් ප්‍රමාණයක් අනතුරු නිසා රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක් වුණා.

මේ පිළිබදව දැඩි අවධානයක් යොමුකරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාව දැනුවත් කිරීමේ ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඒ අනුවයි.

Share This