වසරේ හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණ සම්මානය ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති අංශයට (VIDEO)

වසරේ හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණ සම්මානය ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති අංශයට (VIDEO)

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය සුමති සම්මාන උළෙල 2025 අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (15) රාත්‍රියේ කොළඹදී පැවැත්වුණා.

එහිදී වසරේ හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් වූ සම්මානය ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති අංශය හිමිකර ගත්තා.

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය 30 වැනි සුමති සම්මාන උළෙල 2025 ඊයේ කොළඹදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

එහිදී 2024 වර්ෂයේ රූපවාහිනියේ විකාශය වූ නිර්මාණ, ඒවාට දායක වූ කලාකරුවන් සහ මාධ්‍යවේදීන් ඇඟයීමට ලක්කෙරුණා.

කලාකරුවෙකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවර රංගන හා ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනෙකු පිදුම් ලැබූ අතර සිනමාව, වේදිකාව සහ ටෙලිනාට්‍ය කලාවේ සිය දස්කම් පෑ ප්‍රවීණ රංගන ශිල්පිනී වීනා ජයකොඩි මහත්මිය ප්‍රථමයෙන් සුමති අනුස්මරණ සම්මානය හිමිකර ගත්තා.

අනතුරුව, ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නොමැකෙන සටහන් එක්කළ ප්‍රවීණ සංගීතවේදී සුනිල් එදිරිසිංහ මහතා, සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවා.

2024 වසරේ හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති කණ්ඩායම් සාමාජික ශ්‍යාමල් බණ්ඩාර ජයපත්ම සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා.

2024 වසරේ හොඳම දේශපාලන වැඩසටහන වෙනුවෙන් වූ සුමති සම්මානය මෙවර හිමිවූයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘අවදානමට පෙර සූදානම’ රතු ඉර කාලීන දේශපාලන වැඩසටහන සඳහායි.

2024 වසරේ ජනප්‍රියම නිළිය ලෙස සුමති සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘පිරිමි ළමයි’ ටෙලි නාට්‍යයේ ‘නෝරා’ගේ චරිතයට පණපොවන දිනක්‍ෂි ප්‍රියසාද්.

ශ්‍රී ලාංකේය අභිමානය නැවත නැවතත් තහවුරු කරමින් ස්වර්ණවාහිනිය සම්මානයට පාත්‍ර කළ ප්‍රේක්‍ෂක ඔබට අපගේ හදපිරි ස්තුතිය.

Share This