වසර 12කට පසු පාකිස්ථාන විදේශ අමාත්‍යවරයෙක් ඉන්දියාවට

වසර 12කට පසු පාකිස්ථාන විදේශ අමාත්‍යවරයෙක් ඉන්දියාවට

පාකිස්ථානයේ විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයෙකු වසර 12කට පසු ඉන්දියාවේ සංචාරයක නිරත වන බවයි.

පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා මෙලෙස ඉන්දියාවට පැමිණ ඇත්තේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සදහායි

කෙසේ වෙතත් මෙම සංචාරයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික හමුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව සඳහන්.

ඒ සඳහා පාකිස්ථානයෙන් ද ඉල්ලීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ

Share This