වසර 12 කට වරක් පිපෙන “නෙළු” මල් බලන්න විශාල පිරිසක් හෝට්න් තැන්නට

වසර 12 කට වරක් පිපෙන “නෙළු” මල් බලන්න විශාල පිරිසක් හෝට්න් තැන්නට

සති අන්ත නිවාඩුවට හොර්-ටන්තැන්නේ නෙලු මල් බලන්න මහ සෙනගක්-දේශීය සංචාරකයන් නිසා පරිසර පද්ධතියට දැඩි හානි-වන ජීවි සංරක්ෂණ දෙපාර්-තුමේන්තුවේ අවසන් අවවාදය මෙන්න.
සති අන්ත නිවාඩුවත් සමගම වර්ෂ දොලහකට වරක් පිපෙන නෙලු මල් නැරඹීම සදහා හොර්ටන්තැන්නට විශාල දේශීය සංචාරකයන් පිරිසක් ඊයේ දැකගත හැකි වුණා.

මේ සමග අධික වාහන සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් දැඩි තද බදයක් ඇතිව තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ නෙළු මල් නැරඹීමට පැමිණි දේශීය සංචාරකයන් ගෙන් ඇතැම් පිරිස් නෙලුමල් කඩා දැමීම මෙන්ම ප්‍රධාන මාර්ගයෙන් ඉවත්ව පරිසර පද්ධතිය තුල විවිධ ක්‍රියාකාරම් වල නිරත වීම හේතුවෙන් පරිසර පද්ධතියට හානි සිදුවන බවයි.

වර්ෂ දොලහකට වරක් පිපෙන නෙළු මල් වල අසිරිය විදගන්න දේශීය සංචාරකයන්ට අවස්ථාව ලබා දුන්න ද කොතෙක් දැනුවත් කිරීම් සිදුකළ ද ඇතැම් අය මෙහි සිටින සතුන්ට හා ආවේනික ගහකොළවලට හානි සිදු කරන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සඳහන් කළා.

 

Share This