වසර 121කට පසු ඇමසන් ගංගාවේ ජල මට්ටම පහළට

වසර 121කට පසු ඇමසන් ගංගාවේ ජල මට්ටම පහළට

 

මිනිසුන්ගේ ජීවිත උඩු යටිකුරු කරමින් කැලෑ පරිසර පද්ධතියට හානි පමුණුවන නියගය නිසා බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ ඇති ඇමසන් ගංගාවේ ජල මට්ටම පෙර නොවූ ලෙසින් පහළ ගොස් තිබෙනවා.

ඇමේසන් ගඟ පිහිට ඇති කලාපයේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන මනවුස් වරාය සහ Rio Negro ප්‍රදේශයේදී ඇමේසන් ගඟේ ජල මට්ටම මීටර් 13.59 වාර්තා කළ අතර එය වසරකට පෙර තිබී ඇත්තේ මීටර් 17.60 ලෙසින්.

එය මීට වසර 121 කට පෙර 1902න් පසු වාර්තා වූ අඩුම ජල මට්ටම බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇමේසන් ගංගාවේ වේගයෙන් සිඳී යන අතු ගංගා නිසා දුරස්ථ ගම්මානවලට ජල සැපයුමට බාධා ඇතිව තිබෙනවා.

එමෙන්ම අධික ජල උෂ්ණත්වය නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ගංගා ඩොල්ෆින් 100කට වඩා මියගොස් ඇති බවත් සඳහන්.

බ්‍රසීලයේ විද්‍යා අමාත්‍යාංශය ගෝලීය වශයෙන් ආන්තික කාලගුණික රටා මෙහෙයවන El Nino දේශගුණික සංසිද්ධිය මේ වසරේ ආරම්භ කිරීම නිසා නියඟය ආරම්භ වූ බවට දෝෂාරෝපණය කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This