වසර 20කට පසු පළමු වතාවට සිංගප්පූරුවේ කාන්තාවකට මරණ දඬුවම නියම වෙයි

වසර 20කට පසු පළමු වතාවට සිංගප්පූරුවේ කාන්තාවකට මරණ දඬුවම නියම වෙයි

සිංගප්පූරුව වසර 20කට පමණ පසු එල්ලුම් ගහට යවන ලද පළමු කාන්තාව ඇතුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන් දෙදෙනෙකු මේ සතියේ එල්ලා මැරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලමින් මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විරෝධතාවල නිරත වන බවයි සඳහන් වන්නේ.

ප්‍රාදේශීය අයිතිවාසිකම් සංවිධානයක් වන Transformative Justice Collective (TJC) පැවසුවේ හෙරොයින් ග්‍රෑම් 50 ප්‍රවාහනය කර වරදකරු වූ 56 හැවිරිදි පුද්ගලයෙකු බදාදා අග්නිදිග ආසියානු නගර ප්‍රාන්තයේ චැංගි බන්ධනාගාරයේදී එල්ලා මැරීමට නියමිත බවයි.

Saridewi Djamani ලෙස හඳුනාගත් 45 හැවිරිදි කාන්තාවක් ද සිකුරාදා එල්ලුම් ගහට යැවීමට නියමිතය. 2018 වසරේදී හෙරොයින් ග්‍රෑම් 30ක් පමණ ප්‍රවාහනය කිරීමේ වරදට ඇයට මරණ දඬුවම නියම විය.

එය ක්‍රියාත්මක කළහොත්, 2004 දී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් 36 හැවිරිදි කොණ්ඩා මෝස්තර ශිල්පී යෙන් මේ වෝන් එල්ලා මරා දැමූ පසු සිංගප්පූරුවේදී මරණ දණ්ඩනයට ලක් වූ පළමු කාන්තාව ඇය වනු ඇතැයි TJC ක්‍රියාකාරිකයෙකු වන කෝකිලා අන්නමලෙයි පවසන්නේ.

සිරකරුවන් දෙදෙනා සිංගප්පූරු ජාතිකයන් වන අතර ඔවුන්ගේ පවුල්වලට මරණ දණ්ඩනය නියම කරන දින දැනුම්දී තිබෙනවා.

මිනීමැරුම් සහ පැහැරගැනීම් ඇතුළු ඇතැම් අපරාධ සඳහා සිංගප්පූරුව මරණ දඬුවම නියම කරනු ලබනවා. .

ලෝකයේ දරුණුම මත්ද්‍රව්‍ය විරෝධී නීති කිහිපයක් ද සිංගප්පුරු නීතියේ ඇති අතර ගංජා ග්‍රෑම් 500 කට වඩා සහ හෙරොයින් ග්‍රෑම් 15 කට වඩා ප්‍රවාහනය කිරීම මරණීය දණ්ඩනයට හේතු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This