
වසර 20 ක් නිදාගත් සෞදියේ ඔටුන්න හිමි කුමරු මියයයි
2005 දී ලන්ඩනයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත්ව දශක දෙකකට පසු සෞදි කුමරු අල්වලීඩ් බින් කලීඩ් බින් තලාල් ඊයේ (19) මිය ගොස් තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 36 ක්.
ගෝලීය ඉමාම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඛේදජනක අනතුරකින් පසු වසර විස්සකට ආසන්න කාලයක් පැවති දිගු අරගලයකින් පසු අභාවප්‍රාප්ත වූ අල්වලීඩ් බින් කලීඩ් බින් තලාල් අල් සෞද් කුමරුගේ අභාවය පිළිබඳව ගෝලීය ඉමාම් කවුන්සිලය සිය අවංක ශෝකය සහ හෘදයාංගම සංවේගය පළ කරමින් නිවේදනයක් නිකුත් කළා.
අල්වලීඩ් කුමරු එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී අනතුරට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 15 ක්.
අනතුරින් මොළයේ බරපතල තුවාල සහ අභ්‍යන්තර රුධිර වහනයක් ඇති වූ අතර, ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයට පත් වුණා.
පසුව ඔහු රියාද් හි කිං අබ්දුල්අසීස් රෝහල් සංකීර්ණය වෙත් ගෙන යන ලද අතර, එහිදී ඔහු වසර 20 කට ආසන්න කාලයක් නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර යටතේ ජීවිතාරක්ෂක සහාය මත රැඳී සිටියා.
වසර ගණනාවක් පුරා, අල්වලීඩ් කුමරු ප්‍රසිද්ධියට පත්ව සිටියේ ‘නිදාගන්නා කුමාරයා’ ලෙසයි.
ඇඟිලි එසවීම වැනි අවම චලනයන් පෙන්වන ඉඳහිට දර්ශන, ඔහුගේ යහපත ප්‍රාර්ථනා කළ අයට කෙටි බලාපොරොත්තුවක් ලබා දුන් නමුත් පූර්ණ සුවයක් අති වූයේ නැහැ.
ඇමරිකානු සහ ස්පාඤ්ඤ විශේෂඥයින් විසින් ප්‍රතිකාර කළද, ඔහුට කිසි විටෙකත් සම්පූර්ණ සිහිය ලබාගත නෙහැකි වුණා.