වසර 3කට පසු උතුරු කොරියාවේ පළමු වාණිජ ගුවන් ගමන චීනයට

වසර 3කට පසු උතුරු කොරියාවේ පළමු වාණිජ ගුවන් ගමන චීනයට

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව සිය දේශසීමා වසා දැමූවේ 2020 වසරේ මුල් කාලයේ සිටයි

ඉන් වසර තුනකට පසු උතුරු කොරියාවේ පළමු ජාත්‍යන්තර වාණිජ ගුවන් යානය අද (22) දිනයේ බීජිං වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Air Koryo ගුවන් යානය JS151 බීජිං අගනුවර ගුවන් තොටුපළට එරට වේලාවෙන් පෙරවරු 9:17 ට පමණ පැමිණ ඇති බවට ගුවන් තොටුපළ කාර්යය මණ්ඩලය සඳහන් කර තිබෙනවා

සඳුදා බීජිං වෙත කලින් සැලසුම් කර තිබූ එයාර් කොරියෝ ගුවන් යානයක් නිල හේතුවක් සඳහන් නොකර හදිසියේම අවලංගු කර තිබුණු බවද විදෙස් මාධ්‍ය මිට පෙර වාර්තා කළා

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව සිය දේශසීමා වසා දැමූ 2020 වසරේ මුල සිටම බාහිර ලෝකයෙන් විවෘත වුයේ නැහැ

කෙසේවෙතත් චීන සහ රුසියානු නිලධාරීන් පසුගිය මාසයේ උතුරු කොරියාවේ අගනුවර පැවති හමුදා පෙළපාලියකට සහභාගී වුණ අතර වසර ගණනාවකට පසු රටට පැමිණි පළමු විදේශීය අමුත්තන් වුයේ ඔවුන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ

 

Share This