වසර 6,000 ක් පැරණි ආරක්ෂක අගල

වසර 6,000 ක් පැරණි ආරක්ෂක අගල

චීනයේ Luoyang නගරයේ පුරාවිද්‍යා නාගරික ආයතනයට අනුව, මධ්‍යම චීනයේ Henan පළාතේ භූමියකින් වසර 6,000 ක් පමණ පැරණි ආරක්ෂක අගලක් සොයාගෙන තිබෙනවා.

පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම අගල වසර 5,000 සිට 7,000 දක්වා ඈතට දිවෙන Yangshao සංස්කෘතියේ කාල පරිච්ඡේද තුනක් හරහා ගොස් ඇති බවයි.

එකල පැවති නිවාස කොටස්, අළු වලවල් සහ ගෘහ උපකරණ රැසක් අගලේ දෙපස තිබී සොයාගෙන ඇති අතර අගල ආරක්ෂා කිරීම සඳහා භාවිතා කර ඇති බවට විශ්වාස කෙරෙන ලී කණු පේළි ද පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ සොයාගත් මෙම පැරණි ආරක්ෂක අගල මගින් එකල පැවති බලවත් හා ක්‍රමවත් සමාජ සංවිධාන හැකියාව මෙන්ම තාක්ෂණික මට්ටම පෙන්නුම් කරන බවයි.

Share This