වසර 70කට පසු ඉන්දියාවේ දී උපත ලැබූ චීටාවන් සිව් දෙනා

වසර 70කට පසු ඉන්දියාවේ දී උපත ලැබූ චීටාවන් සිව් දෙනා

ඉන්දියාවේ චීටාවන් සිව් දෙනෙකු උපත ලබා ඇති බව එරට පරිසර අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයට නැමීබියාවේ සිට චීටාවන් අට දෙනෙකු රැගෙනවිත් ඇති අතර
ඔවුන්ගෙන් දෙදෙනෙකු වන සියායා සහ ෆ්‍රෙඩීට දාව මෙම පැටවුන් උපත ලබා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දියාවේ චීටාවන් වඳ වී ගොස් ඇති බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර වසර 70කට වැඩි කාලයකට පසු මෙම පැටවුන් උපත ලැබීම “ වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක්” ලෙස එරට පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

Share This