වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේදී පැවති පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය

වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේදී පැවති පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේදී පවත්වා තිබෙනවා.

බෞද්ධ දර්ශනයේ ප්‍රගතිශීලී ගමන්මඟ ශක්තිමත් කිරීම උදෙසා ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟපෙන්වීම යටතේ 2022 වර්ශයේ බුද්ධගයාවේදී පාලි හා ස‍ංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ වූයේ මෙම සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින්.

ඒ අනුව මෙම වැඩසටහනේ තෙවන අදියර 2024 දෙසැම්බර් 21 දින ඉන්දියාවේ දී ආරම්භ වූ අතර එම වැඩසටහනෙහි දෙවන අදියර ලෙස ශ්‍රී ලංකාවේ වැඩසටහන ආරම්භ වූයේ ඉකුත් 01 දින සිටයි.

සතියක කාලයක් පැවැත් වූ අධ්‍යයන චාරිකාවන්ගෙන් පසුව අධ්‍යන සැසි සඳහා වැඩසටහන් සමාරම්භක උත්සවය වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ පසුගිය 09 වනදා පවත්වා ඇති අතර සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස අති ගෞරවණීය කුන්ඩෙලින් ටට්සක් රින්පොචේ ස්වාමීන්වහන්සේ සහභාගී වී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා මහෝපාධ්‍යාය පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව, සභාපති අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය නවදිල්ලිය සහ ශ්‍රීලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි මහනායක හිමියන්ද, විවේකාරමාධිපති අතිපූජ්‍ය කිතලගම හේමසාර නායක ස්වාමීන්වහන්සේ ද, ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ පළමු ලේකම් (වාණිජ්‍ය) සෞරබ් සබ්ලොක් මහතා ද ,බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ සභාපති, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා , අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහා ලේකම් කේමචාර භික්කු හිමියන්ද, දලයි ලාමා වහන්සේගේ අග්නිදිග ආසියානු සම්බන්ධීකාරක පරී ජින්පා මහතා ද සහභාගී වී සිටියා.

 

 

 

 

Share This