වස්ගමුවේ වන අලි වී කෑමට ගෙවල් කඩා දමයි

වස්ගමුවේ වන අලි වී කෑමට ගෙවල් කඩා දමයි

වස්ගමුව වන රක්ෂිතයේ සිට බකමූණ, 504 ගම්මානයට කඩා වැදුනු අලියෙකු වී ආහාරයට ගැනීම සඳහා නිවෙස් දෙකක් කඩා දමා තිබෙනවා.

ගම්වාසීන් පවසන්නේ ප්‍රදේශයේ වගාවන් රැසකට ද මෙම වන අලි හානි පමුණුවා ඇති බවයි.

වසර ගණනාවක සිට එම ගම්වාසී ජනතාව වස්ගමුව වන රක්ෂිතයේ සිට ගම්වදින වන අලින් සිදුකරනු ලබන විනාශයන් හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

එලෙස ඊයේ අලුයම වස්ගමුව වන රක්ෂිතයේ සිට ගම්වැදුනු වන අලියෙකු එම ගම්මානයේ නිවාස දෙකකට පහරදී එම එම නිවාස කඩා ඔවුන්ගේ කෑම සදහා නිවෙස් වල තබා තිබූ වී ආහාරයට ගෙන නිවාස වලට දැඩි හානි සිදුකර තිබුණා.

එමෙන්ම ප්‍රදේශවාසී ගොවි ජනතාව විසින් ඉතා දුක්මහන්සියෙන් වගා කරන ලද කෙසෙල් , පොල් වගාවන් රැසක්ද මෙම වන අලින් විසින් විනාශ කර තිබෙනවා.

එම ප්‍රදේශවාසී ජනතාව පෙන්වා දෙන්නේ මෙලෙස වන අලි ගම්වැදී සිදුකරනු ලබන හානි හේතුවෙන් තම ගම්මානය තුල මේ වනවිට ජීවත්විය නොහැකි පරිසරයක් උදා වී ඇති බවත්, වන අලි ප්‍රහාර හමුවේ ගම්මානයේ වටිනා ජීවිත රැසක්ද අහිමිවීම හේතුවෙන් තමන් දැඩි අසරණ තත්වයකට පත්ව ඇති බව‍යි.

විශේෂයෙන් නිවෙස් වල තම ඉදිරි පරිහෝජනය සදහා තබා තිබෙන වී ආහාරයට ගැනීමට පුරුදුවී සිටින වන අලියෙකු මෙලෙස තම නිවෙස් කඩා බිඳ දමන බව ගම්වාසීන් පැවසුවා.

 

 

Share This