
වහාම ක්‍රියාත්මක වන පරිදි එ.ජා.ප. යෙන් ප්‍රධාන තනතුරක්
වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම වන බවයි.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස බාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතායි.