
ව්‍යසනයෙන් පසු රට හදන වැඩපිළිවෙලට අග්‍රාමාත්‍යවරිය නෙදර්ලන්ත තානාපති මුණගැසේ
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ජාකොබ් ද බෝයර් ( Wiebe Jakob De Boer) මහතා ඊයේ(02) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මුණ ගැසුනා.
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ආපදා අවදානම අවම කිරීම, යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි.
දශක ගණනාවක් පුරා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සහ ද්විපාර්ශික සහයෝගීතාවය මත ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ගොඩනැගී ඇති දිගුකාලීන මිත්‍රත්වය කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇති අතර දෙරටේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය සිය කැපවීම අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දෙමින් සිටින ස්වාභාවික ව්‍යවසනය වැනි අභියෝගාත්මක කාලවලදී සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.
ශක්තිමත් ලෙස නැවත ගොඩනැගීමේ අවශ්‍යතාවය, වැඩිදියුණු කළ දිගුකාලීන සැලසුම්කරණයක් ගොඩනැඟීම සහ ආපදාවලින් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා සහාය ලබා දීමේ අවශ්‍යතාව ද ඔවුන් මෙහිදී අවධාරණය කර තිබුණා.
ශ්‍රී ලංකාවේ හානියට පත් පාලම් කිහිපයක් නැවත ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය කෙරෙහිද මෙම සාකච්ඡාවේ විශේෂ අවධානයට ලක්කර තිබෙනවා.
එම පාලම් ඉදිකිරීම සඳහා සහාය වීමට නෙදර්ලන්තයේ තානාපතිවරයා කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
ගංවතුර කළමනාකරණය වැඩි දියුණු කිරීම, ඉලක්කගත ආයෝජන සහ සියල්ල ඇතුළත් සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ඒකාබද්ධ කිරීම මඟින් ස්ථාවර හා තිරසාර ප්‍රගතියකට මඟ පාදන බව දෙපාර්ශ්වයම පිළිගෙන තිබෙනවා.

