ව්‍යාජ අංක සහ බඳ වෙනස් කළ යතුරු පැදි 6 ක් අල්ලයි

ව්‍යාජ අංක සහ බඳ වෙනස් කළ යතුරු පැදි 6 ක් අල්ලයි

ව්‍යාජ අංක සහ බඳ වෙනස් කරන ලද සහ ලියාපදිංචි නොකළ යතුරු පැදි හයක් කළුතර අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.

ළුතර අපරාධ කොට්ඨාසය පැවසුවේ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් වෙත ලද තොරතුරක් මත ඊයේ (18) කළුතර, පොතුපිටිය, වස්කඩුව ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි හය අත්අඩංගුවට ගත් බවයි.

කළුතර හා අවට ප්‍රදේශ රැසකම මෙම යතුරුපැදි නිරන්තරයෙන් සැරිසරණ බවත් දිවයින පුරා සිදුවන වෙඩි තැබීම් සඳහා ඒ සදහා යතුරුපැදි භාවිතා කිරීමත් සමගම මෙම යතුරු පැදි සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරු මත මෙහෙයුම් සිදු කෙරෙනවා.

මෙම යතුරුපැදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් හතර දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් සොයා පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

Share This