ව්‍යාපාරික ස්ථානයක වහලයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

ව්‍යාපාරික ස්ථානයක වහලයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහලය මත තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා

පොලිසිය පැවසුවේ ඊයේ (29) පස්වරුවේ කැකිරාව පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයේදී වසා දමා තිබූ කඩ කාමරයක කොන්ක්‍රීට් වහලය මත තිබී මළ සිරුර සොයා ගත් බවයි

මිය ගොස් සිටි පුද්ගලයා දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවයි පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 44 හැවිරිදි අයෙක්

Share This