
වාද්දුවේ බරපතල රිය අනතුරක්
වාද්දුව, පොතුපිටිය ගාලු පාරේ ලොරි රථයක් සහ ත්රී රෝද රථයක්ගැටී අඹුසැමි යුවළක් තුවාල ලබා තිබෙනවා.
වාද්දුව පොලීසිය පැවසුවේ අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මාතර ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බවයි.
ත්රී රෝද රථය කළුතර දෙස සිට පානදුර දෙසට ගමන් කර ඇති අතර, ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයේ ගැටී අනතුර සිදුව තිබෙනවා.
අඹුසැමි යුවල කළුතර – නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තාවගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ප්රකාශකයෙක් සඳහන් කළා.
