
වාද්දුව පොලීසියේ සිව් දෙනාට ඇප
වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිව්දෙනා ඇපමත මුදා හැර තිබෙනවා.
සැකකරුවෙකුට පහරදීම යන චෝදනාව යටතේ ඊයේ (12) සවස පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර ඔවුන් සිව්දෙනා අද පානදුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරුණා.