වාද්දුව රිය අනතුරකින්  ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට තුවාල

වාද්දුව රිය අනතුරකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට තුවාල

වාද්දුව, පොහද්දරමුල්ල, ගාලු පාරේ දී ජීප් රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කල බව වාද්දුව පොලිසිය පවසනවා.

පොලිසිය සදහන් කළේ මෙසේ රෝහල් ගතකර ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත් සිව් දෙනකු බවයි.

ඔවුන් කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

තුවාල ලැබූවන් අතර, මවක්, ඇයගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරකු සහ ත්‍රීරෝද රථ රියදුරු වන බව පොලිසිය පැවසුවා.

ඔවුන් පානදුර රෝහලට පැමිණ නැවත නිවස කරා යමින් සිටියදී අනතුරට මුහුණ දී තිබුණා.

ත්‍රී රෝද රථය පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර, පොහද්දරමුල්ල විදුහල ආසන්නයේදී කළුතර දෙසින් පැමිණි ජීප් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය සදහන් කළා.

අනතුරත් සමග ගාලු පාරේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබුණා.

ජීප් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

Share This