වාද්දූව ,පොතුපිටියේ ගින්නකින් ලී මෝලක් විනාශයි

වාද්දූව ,පොතුපිටියේ ගින්නකින් ලී මෝලක් විනාශයි

වාද්දුව , පොතුපිටිය ප්‍රදේශයේ ලී මෝලක විශාල ගින්නක් හටගත්තා.

වාද්දුව පොලිසිය පැවසුවේ මෙම ගින්න හටගෙන ඇත්තේ වාද්දුව, පොතුපිටිය, ගල්කැටියාගොඩ ප්‍රදේශයේ ලී මෝලක බවයි.

ගින්න හටගැනීමත් සමගින් ප්‍රදේශවාසීන් ගින්න පාලනය කිරීමට උත්සහ කර කළුතර ගිනි නිවීමේ ඒකකය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව කළුතර ගිනි නිවිමේ රථ දෙකක් ස්ථානයට ළගාවී ප්‍රදේශවාසින්ගේ ද සහයෙන් ගින්න පාලනය කිරිමට කටයුතු කර තිබුණා.

ගින්න පැතිරීමේ වේගය මැඩපැවැත්වීම සදහා ප්‍රදේශයේ තරුණයින් ගල් ඉනි ආධාරයෙන් බිත්ති කඩා ගිනි නිවන භටයින්ට සහය වන අයුරු දැකගත හැකි වුණා.

ගින්නෙන් පදම් කල ලැලි විශාල ප්‍රමාණයක් විනාශ වී තිබූ අතර, ප්‍රදේශවාසින් එක්ව ගින්නට හසුව විනාශ වෙමින් තිබූ ලී සහ ලෑලි කොටසක් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නැහැ.

Share This