
වාර්තා අලුත් කළ මෙම වසරේ ජනවාරි මාසයේ සංචාරකයින්ගේ පැමිණීම
මෙතෙක් ඉතිහාසයේ ජනවාරි මාසය තුළ පැමිණි වැඩිම සංචාරකයන් ගණන මේ වසරේදී වාර්තා වී තිබෙනවා.
ඒ අනුව සංචාරකයින් 252,761 දෙනෙකු මෙම මාසයේදී පැමිණ ඇති බව සඳහන්.
2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924ක් දිවයිනට පැමිණ තිබූ අතර 2024 වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 208,253ක් ලෙසයි දැක්වුණේ.