වාර්තා පොත් අලුත් කළ කමිඳුගේ පිති හරඹය

වාර්තා පොත් අලුත් කළ කමිඳුගේ පිති හරඹය

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (27) ගාල්ලේදී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී කමිඳු මෙන්ඩිස් වාර්තා පොත් අලුත් කිරීමට සමත්වී තිබෙනවා.

අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ඩොන් බ්‍රැඩ්මන් හා සම තැන ගනිමින් සිය පිතිකරු ලකුණු සටහනේ 1000 සීමාව පසුකරන්නට කමිඳු සමත්වී ඇති බව සඳහන්.

ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ වේගවත්ම පස්වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින් වාර්තා පොත් අතර නව පිටුවක් තම නමින් ලියා ඇති බව සඳහන්,

කමිඳු සිය 13 වන ඉනිමේදී මෙම ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර වේගවත්ම ශතක පහ වාර්තා කළ පළමු ආසියාතික පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා.

Share This