වාහන ආනයනයට තිබූ ප්‍රශ්න රැසකට උත්තර

වාහන ආනයනයට තිබූ ප්‍රශ්න රැසකට උත්තර

දැඩි කථා බහක් ඇතිකල වාහන ආනයනය සඳහා පැවති සීමා කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මෙමගින් ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකියාව හිමිවනවා.

නව ගැසට් නිවේදනය අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මකයි.

මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබෙනවා.

ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන්.

Share This