
වාහන ආනයනයේදී සුඛෝපභෝගී බදු ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක්
අද (01) සිට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පුද්ගලික මෝටර් වාහන සඳහා බලපවත්වනු ලබන සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දක්වමින් අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඒ අනුව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් ගැසට් නිවේදනය මඟින් ඉදිරිපත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,