වාහන ආනයනය නිවැරදි ක්‍රමයකට

වාහන ආනයනය නිවැරදි ක්‍රමයකට

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු තීරු බදු සහන සහිත වාහන ගෙන්වීම සිදු කර නොමති බවත් නිවැරදි ක්‍රමවේදයකට යටත්ව වාහන ගෙන්වීම සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

Share This