වාහන – ටයර් ඇතුළු භාණ්ඩ රටින් ගෙන්වීමේ සීමා ලිහිල් කෙරේ

වාහන – ටයර් ඇතුළු භාණ්ඩ රටින් ගෙන්වීමේ සීමා ලිහිල් කෙරේ

වාහන සහ ටයර් ඇතුළු සමහර භාණ්ඩ විදේශයෙන් ගෙන්වීම වළක්වමින් පනවා ඇති සීමා ඉදිරියේදී ක්‍රමයෙන් ලිහිල් කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් ප්‍රශ්නය සමග ඇතිවුණු විදේශ විනිමය අර්බුදය නිසා සමහර භාණ්ඩ ගෙන්වීම තාවකාලික වශයෙන් නැවැත්වූ බවද ඒ මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

– ලංකාදීප –

Share This