වැටුපෙන් කොටසක් කොවිඩ් අරමුදලට දෙන ඇමති
තමාගේ මේ මස දීමනාවෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.
එම මුදල කොවිඩ් අරමුදලට අද හෙටම බැර කරන බවද ඔහු පවසා තිබෙන්නේ
දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා
තමාටම කියා නිවෙසක් ඉඩමක් හෝ වෙන කිසිම දේපලක් හෝ නොමැති බවත් මෙම පරිත්‍යාගය කිරීමට සිතුවේ කොවිඩ් වසංගත තත්වය හමුවේ රජය මුහුණදී සිටින දුෂ්කරතාව සැලකිල්ලට ගෙන බවත් ඇමතිවරයා පවසනවා
දරුණු වසංගතයක් පවතින මොහොතක වැටුප් ඉල්ලා හඩ නගන අයට කිසියම් පණිවුඩයක් ලබා දීමටද තමා මෙමගින් බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරනවා
රට මුහුණ දී ඇති මෙම වසංගත තත්වය හමුවේ සියලු දෙනා තමන්ට හැකි ආකාරයට දායක වීම වැදගත් බවද රට වසන්නැයි හඬ නගන කිසිවකු හෝ මේ අවස්ථාවේදී රටේ දියුණුවට කිසියම් හෝ කැපකිරීමක් කිරිමට ඉදිරිපත් නොවීම කනගාටුදායක බවද විමලවීර දිසානායක මහතා පවසනවා
තමා කිසියම් අසනීප තත්වයකින් පෙළෙන පුද්ගලයකු බවත් තමා සන්තකයේ තිබූ එකම වාහනයද ඒ අසනීප තත්ත්වය සුව කර ගැනීම සඳහා පසුගියදා විකුණා දැමු බවත් ,කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට දැඩි පීඩනයක සිටින හෙයින් මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා පක්ෂ පාට කණ්ණාඩි පසෙක දමා එකාවන්ව ඒකරාශී විය යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසනවා